බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක


බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (24 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම සදහා ලකුණු 6 ක් දැවී ලකුණු 226 ක් ලබා ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 35 ක් පසු පසින් සිටියේය. කොදෙව් පිල පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී ලකුණු 648 ක් ලබා සිටියදී අත්හිටුවීය. බංග්ලාදේශය පළමු ඉනිම  ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 226(තමීම් ඉක්බාල් 28, ශකීබ් අල් හසන් 97, නසීර් හොසේන් නොදැවී 64, ටිනෝ බෙස්ට් 26/3) බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 200.3 කදී කඩුලූ 9 ට 648 (ඩැරන් බ්‍රෝවෝ 127, මාලන් සැමුවෙල්ස් 260, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 150, දිනේෂ් රැුම්ඞීන් 31, සොහග් ගෂි 167/3, රුබෙල් හොසේන් 86/2, ශකීබ් අල් හසන් 151/4)