බංගලි පන්සල් වලට ලංකාවෙන් උදව්


බංගලිදේශයේදී අන්තවාදීන් විසින් වැනසුනු බෞද්ධ පන්සල් හා දේපොළ වෙනුවෙන් පිහිටවීමේ අරමුදලක් මහනුවරදී අද ඇරැඹිණි. ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ඇරැඹුණු මෙම අරමුදලට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියෝ මුලින්ම රුපියල් ලක්ෂයක් පිරිනැමූහ. දියවඩන නිලමේ නිලංග දෑල මහතාද රුපියල් දස ලක්ෂයක් පිරිනැමීමට නියමිතය.