ප‍්‍රා සභාව මාධ්‍යවේදියා දොට්ට දමයි
අත්තනගල්ල උසාවියේ වාර්තාවක් වැරැදි ලෙස පළකළැයි කියන අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව ලංකාදීප පත‍්‍රයේ මාධ්‍යවේදියා වාරණ ආනන්ද ඉ. ජයකොඩි මහතා අද සභාවෙන් ඉවත් කෙළේය.
සංධානයේ දිනේෂ් ඉන්දික රාජපක්‍ෂ මහතාගේ ජනතා විමුක්ති පෙරමුණේ ඇස්.ඒ. හේමාල් මෙන්ඩිස් මහතා ඊට විරෝධය පළ කළහ. උසාවි වාර්තාවක් සම්බන්ධව ප‍්‍රාදේශීය සභාව මෙවැනි තීරණයක් ගත නොහැකි යැයි ඒ මන්ත‍්‍රීවරුන් කීහ. එක්සත් ජාතික පක්‍ෂයේ එක් මන්ත‍්‍රීවරයෙක් පමණක් සභාවට පැමිණ සිටියේය.

