ප‍ඹේ ළමයි ළමා නිවාස පහකට


පයාගල පඹේ ළමා නිවාසයේ  සියලු ළමයින් වෙනත් ළමා නිවාස පහකට යොමු කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය නියෝග කළාය.

මෙම ළමා නිවාසයේ දරුවන් පැන යාම හිරිහැර වලට ලක්වීම් ආදී කරුණු සැළැකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය කීවේ අනාගතය බාර ගැනීමට ඉන්නා දරුවන් පිළිබඳ තමාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාස සියල්ල දැඩි සෝදිසියකට ලක් කරන්නැයි ද පරිවාස නිලධරයන්ට නියෝග කළාය.

අද උදේත් ළමයින් සිව් දෙනකු පැන ගිය බව අධිකරණයට දන්වා තිබිණි.

ළමා නිවාසයට අලුත් පාළක මඩුල්ලක් පත් කරන බව එහි පාළකයන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරු කියා සිටියේය.මෙම පුවත මාධ්‍යයේ පළ වීම වලක්වන ලෙසද ඔවුහු ඉල්ලුහ.

එවැනි දෙයක් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

ළමා නිවාසයේ ළමයින් 24 දෙනකු වෙනත් නිවාස වලට මාරු කළ අතර ළමෝ හය දෙනෙක් මව්පියනට/භාරකරුවනට  භාර දෙනු ලැබුහ.