පෞද්ගලික වෙද විදුහලට එරෙහි පෙත්සම් විසි වෙයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට විරුද්ධව වෛද්‍යවරුන් දෙදෙනකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභ කළේය.
උපුල් ගුණසේකර හා සජීව මාරසිංහ යන වෛද්‍යවරු ද අනුරුද්ධ ප‍්‍රදීප් හා නිර්මාල් රංජිත් දේවසිරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු මේ පෙත්සම් ගොනු කළහ.
අගවිනිසුරු ආචර්ය ශිරාණි බණ්ඩාරනායක, පී.ඒ. රත්නායක, එස්.අයි. ඉමාම් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
විරෝධය දැක්වීමට නීතියෙන් දෙන ලද කාලසීමාව ඉක්මවා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙත්සමේ වගඋත්තරකරුවන් වන විශ්විවවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා හා ෆාසිප් මුස්තාපා මහත්වරුන් අධිකරණය හමුවේ කළ කරුණු පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කළේය.
පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටියේ, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගත හැකි වෛද්‍ය විද්‍යාලයක් නොවන බවත්, වෛද්‍ය උපාධි දීම සඳහා එම ආයතනයට සුදුසුකම් හා ප‍්‍රමිතියක් නොමැති බවය.

