පෞද්ගලික බස් වර්ජනයක්


 

(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙනඩීසල් ලීටර් 40 කෙසේවත් ප්‍රමාණවත් නොවන බවත් බස්රථ හිමියෝ පවසති.

කෙසේ වුවද මගීන්ට සිදුවන අපහසුතාවය මැඟ හැරවීම සඳහා ලංගම අමතර බස් සේවා යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.

(තිලකරත්න දිසානායක)