පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි


 

(යොහාන් භාසුර)

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.

ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.