(අංජුල මහික වීරරත්න)
එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
1979 වසරේ සිට නිසි ප්‍රයෝජනයක් නොගෙන පවතින ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියෙන් වී සහ අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර(ටී.එස්.පී) සහ තනි සුපිරි පොහොර(එස්.එස්.පී) නිෂ්පාදනය ඉක්මනින් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.
දැනට දේශීය ආයෝජකයින් කිහිපදෙනෙක් එප්පාවල පොස්පේට් නිධියෙන් අදාල පොහොර වර්ග දෙක නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇතැයි පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔවුන් ආයෝජනය කරන්නේ නම් විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අඩු තරමින් ඩොලර් මිලියන විස්සක් රජයේ ගිණුමෙහි තැන්පත් කළ යුතු බවද පැවසීය.
එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 60ක් පවතින බවත් වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 6ක මුදලක් වැය කිරීමට රජයට සිදුවන බවත් මේ සාකච්ඡාවේ දී අනාවරණය විය.