පෝයට කාරයෙන් අරක්කු විකුණයි
කළුතර බන්ධනාගාරය සමීපයේ පිහිටි අවන්හළක මෝටර් රථයේ ඩිකියේ තබානෙ අද බිනර පෝදා අරක්කු හා බීර අළෙවිකළ බව කියන අවන්හල් හිමියෙක් අරක්කු බෝතල් 102 ක් හා බීර කෑන් 82 ක් ද වාහනය ද සමග අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. අවන්හල් හිමියා කළුතර පදිංචි කරුවෙකි. පොහොය දිනයේ මත්පැන් විකිණීම සපුරා තහනම්ය.

