පෝදා මත්පැන් විකිණීමට එරෙහිව තරුණයෙක් උපවාසයේ


මොහොමඩ් ආසික්

 මුදල් අමාත්‍ය මංගල සමරවර මහතා කළ බව කියන ප්‍රකාශකයට විරෝධය දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේරුණයෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබ තිබේ.

මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති වරකාපොල පදිංචි නාමල් කුමාර නැමැති මෙම තරුණයා ඉල්ලා සිටින්නේ පෝදා අරක්කු විකිණීම සහ බියර් පානය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කර ඇති ප්‍රකාශයන් ක්‍රියාවට නංවන්නේ නැති බවට රජය නිළ වශයෙන් දැනුම් දෙන තුරු මෙම මාරාන්තික උපවාසය සිදු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් වූ විරෝධතා පුවරුද රැගෙන මෙම තරුණයා මහනුවර ශ්‍රි දළදා මාළිගාව ඉදිරිපිට වැව රවුමේ සිය මාරාන්තික උපවාසයේ නිරතව  සිටී.