පොළොන්නරුවේ කුඩු රජා අල්ලයි


(ඩබ්ලිව්. ඒ. පියතිලක)

පොලොන්නරුවේ කුඩු රජා (බැදිවැව සුද්දා) ඇතුළු සැකකරුවන් 6ක් සමග පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 9කට අසන්න ප‍්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ පොලොන්නරුව මඩකලපුව සහ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශ සදහා හෙරොයින් බෙදාහරින බැදිවැව සුද්දා ලෙස හඳුන්වන බැදිවැව ප‍්‍රදෙශයේ අයෙකි. මෙම පුද්ගලයා නාවික හමුදාවෙන් පැන සිටින පුද්ගලයෙක් බවත් පොලොන්නරුව  අධිකරණයේ පමණක් හෙරොයින් සඳහා පමණක් නඩු 4ක් පවතින බවත් පොලිසිය සදහන් කර සිටි. මොහු විසින්  ඊසිකෑස් ක‍්‍රමයට හොරොයින් පොලොන්නරු මඩකලපුව ති‍්‍රකුණාමල ප‍්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන් වෙත සහ පාසල් සිසුන් සදහා අලෙවි කටයුතු සිදු කරන බවට අණාවරණය වි ඇත.