පොලොන්නරුව ප්‍රදේශයේ කුඩා වී මෝල් 400ක් වැසීයෑම නිසා මෝල් හිමි කරුවෝ අන්ත අසරණ වී මෝල් යකඩ වලට විකුණා ජිවත්වන බව වී මෝල් හිමියන්ගේ සංගමය කියයි ගවී මිලදී ගැනීම සහ සහල් අලෙවිය කීපදෙනකු අත ගැවසීම සහ වී තොග සඟවා තැබීම බදුවලින් නිදහස්ව පිට රට වලින් සහල් හා සුන් සහල් ගෙන්වීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයිද කියයි. පොලොන්නරුවේ වී මෝල් 500 ක් පමණ ඇත.
වී මෝල් හිමියන් ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.පුංචිබණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ රටේ වී තොග බීර නිපදවීමයට යොදා ගන්නේදැයි සැකයක් පවතින බවයි. තවද විදේශ රට වලින් සත්ත්ව ආහාර සදහා වෙන් කරන හුනුසල් අඩු මුදලට ගෙන්වා ජනතාවට අලවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවටද චෝදනා කරයි.
ඡායාරූප කරුණාරත්න ගමගේ
ඡායාරූප -කාංචන කුමාර ආරියදාස









