පොහොට්ටුවට එක්වීමේ තීන්දුව ගැනීමේ බලය ජනපති වෙතට


(අජන්ත අගලකඩ)

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (05 වැනිදා) රාත්‍රියේදී තීරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව තීන්දුවක් ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරූ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.