පොහොට්ටු මන්ත්‍රී බණ ගෙදරකදී අහසට වෙඩි තබයි


(බිමල් ශ්‍යමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ

හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ සිදුවු බහින්බස් විමක් හේතුවෙන් වෙඩි තැබිම සිදුකර ඇති බවට එම නිවසේ හිමිකරු දුරකථනයෙන් දනම් දුන් බව පොලිසිය කියයි.

කිසිවකුටත් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නැතැයි පැවසේ.

(ඡායාරූප: සුමිත් පොතුපිටිය)