හලාවත බංගදෙනියේදී වයඹ ඡන්දයේ සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් අද අලුයම වාර්තා විය.
ඡන්ද පෝස්ටර් ගැසීමට ගිය සමන් නිෂාන්ත හා සුමල් තිසේරාගේ කණ්ඩායම් අතර මෙම ගැටුම ඇති විය.
අපේක්ෂකයන් දෙදෙනා එහි නොසිටි නමුත් ආධාරකරුවන් ගැටුමට මැදි වූ බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.
වාහනයකට ද හානි සිදු විය.

