පොලොන්නරු වී වගාවට රතු එළියක්


වාරි ජලය හිඟවීම නිසා ලබන (යල) කන්නයේ පොලොන්නරුවේ වී වගාවට දියවර සැපයීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාරි ඉන්ජිනේරුවෝ කියති.

දැනටම පරාක්‍රම සමුද්‍රයේ වගා කළ හැකි මුළු ප්‍රමාණය සියයට 50කින් අඩු වී ඇත.

ගිරිතලේ මින්නේරිය, කවුඩුල්ල හා ඇලහැර යෝජනා ක්‍රමයන්හි ලබන කන්නයේ වී වෙනුවට අතිරේක බෝග වගා කිරීමේ යෝජනාවක් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී අද ඉදිරිපත් විය.

ගොවීන් කියනුයේ තමන් ලොකු අමාරුවක වැටෙන්නට යන බවයි.

පොලොන්නරුවට වරින් වර වැසි ලැබුණත් ප්‍රධාන වැව්  පිරී නැත.

මහවැලි ජලාශයන්හි ජලය ද අඩු වී තිබේ.