පොලීසියේ මහ පුටු 10ක නැවත වෙනසක්


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ද ඇතුළුව උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථානා මාරු ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සේවයේ අවශ්‍යතා මත මේ මාරුවීම් සිදු කර ඇති බවද ඒ මහතා පවසයි. සැප්තැම්බර් 14 වැනිදා ද උසස් නිලධාරීන් 33කට ස්ථාන මාරු ලබා දුන් අතර එලෙස ස්ථාන මාරු ලැබූ ඇතැම් නිලධාරීන් ද අද දින ස්ථාන මාරු ලැබූවන් අතර වෙතියි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ස්ථාන මාරු ලැබූ නිලධාරීන් මෙසේය. 1) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඊ ආර් එල් ප්‍රනාන්දු මහතා ගම්පොල කොට්ඨාශයේ සිට නුගේගොඩ කොට්ඨාශය 2) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් බී ජී ඇල්ලපොල මහතා මහනුවර කොට්ඨාශයේ සිට ගම්පොල කොට්ඨාශය 3) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී කේ ඒ එච් ජී මතුරට මහතා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ගජසිංහ මහතා අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිට අධ්‍යක්ෂ නීති කොට්ඨාශය 5) පොලිස් අධිකාරී පී එස් සී ද සිල්වා නුගේගොඩ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ පොලිස්පති අණ දෙන මැදිරිය 6) පොලිස් අධිකාරී කේ ඩී ඒ සේරසිංහ මහතා අනුරාධපුර කොට්ඨාශයේ සිට මහනුවර කොට්ඨාශය (2012.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි) 7) පොලිස් අධිකාරී එස් පී රණගල මහතා අම්පාර කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය 8) සහකාර පොලිස් අධිකාරී ඩබ් කේ ජේ ආර් ඩයස් මහතා පොලොන්නරුව කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය 9) සහකාර පොලිස් අධිකාරී එම් ඒ අයි ඒ ඩී එස් පී ඉරසිංහ මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සිට පොළොන්නරුව කොට්ඨාශය 10) සහකාර පොලිස් අධිකාරී සී ජේ සිල්වා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය