පොලීසියට ගංජා සුරුට්ටු විකුණයි
කැස්සට දෙන කොරෙක්ස් මොරගහහේනේ ගෝනාපොල ෆාමසියක විකුණන බවට ලත් ආරංචියක් අනුව පොලීසිය වෙස්වලාගෙන එහි ගියේය. ෆාමසිකරු පැවසූයේ එම පැණිය නම් නෑ, ඕනනම් කූරක් දෙන්නම් යනුවෙනි.
කූර වශයෙන් ඔහු හැඳින්වූයේ එකක් රුපියල් 200ට විකුණන ගංජා සුරුට්ටුවකි. එම සුරුට්ටුව හිස් බෙහෙත් පැකට්ටුවක බහා අලෙවිකරද්දී පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
ඔහු රසායනාගාර පර්යේෂක විභාගයට උත්තර ලියා ඇති පුද්ගලයෙකියි පොලීසිය කියයි.

