පොලීසිය හොර සල්ලිකරුවන් ලුහුබඳියි


රුපියල් දහසේ හොර නෝට්ටු 147 සම තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් හබරණ පොලිසිය ඔවුන් කන්තලේ පොලීසියට බාරදී ඇතැයි වාර්තා වෙයි. කන්තලේ කරවල කඩ හිමියනට හා කිරිහලකට දුන් දහයේ නෝට්ටු මාරු කර ඇතැයි කියන එම කඩවල තිබී තවත් හොර නෝට්ටු තොගයක්ද සොයාගෙන ඇත. ඔවුන් ගමන් කළ රිය පොලිස් අණ නොතකා ධාවය කරද්දී පොලීසිය ඔවුන් ලුබු බැඳ ගියේය.