වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රජයේ රක්ෂිතයන්හි ගස් කපා දැව ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් අනාවරණය කැර ගැනීමට හැකි වු බව ලග්ගල පොලීසිය කියයි.
අද (09) අලුයම වැලි ටිපර්ථයක් සෝදිසි කිරිමේදි වැලි අස්සේ සඟවා තිබු තේක්ක කොට එකසිය දහසයක් සමඟින් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.