පොලිසියට කෙටූ තිදෙනෙක් මාස 10 කට පසුව කොටු


ඉන්දිකා රාමනායක

යාපනය චුන්නාකම්හිදී මීට මාස 10කට පමණ පෙර පොලිස් බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දුන්නේයැයි සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලිසිය කියයි.

සැකකරුවන් චුන්නාකම් සහ මනිපායි ප්‍රදේශවල පදිංචිකරුවෝය.

පසුගියදා පොලිසියේ දෙදෙනකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ආවා කල්ලි සාමාජිකයන්ගෙන් ලද තොරතුරු මත මේ තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 2016 ඔක්තෝබර 25 වැනි දා සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් මීට පෙර 13ක් අත්අඩංගුවට ගනු ලැබූහ.