පොලිසියක වෙනස


 සීත සමය අවසන් වී ගිම්හානය උදාවත්ම ලාංකික තරුණ ජිවිත කිහිපයක් ඉතාලියේදී දෑයට අහිමි වෙයි. දියේ ගිලිම් බිමත්ව මොටර් රථ පෑදවීම හා පිහි ඇනුම් ඊට හේතු වෙතියි ඉතාලි පොලිසිය කියයි. මෙම වසරේ සිදු වු පස්වන මරනයද පසුගිය සිකුරාදා මිලානෝ නගරයෙන් වර්තා විය.

මුහුදේ දිය නෑමට ගොස් ඔහු ද දියේ ගිලිමෙන් මරණයට පත්විය. මෙ අතර බිමතින් ඉතාලි පොලිසියට ගණන්කාරකම් පෙන්නු ශ්‍රි ලාංකික තරුණයින් පිරිසක් ගැන පුවතක් මිලානෝ නුවරින් එසැණට වර්ථා විය. විදුලි උත්පාදන යන්ත්‍රයක්, මස් පුළුස්සන ගිනි උදුන් විස්කි බ්‍රෑන්ඩි හා අවශය කලමනා රෑගත් මොවුන් පිරිස පාවියා හී ආදිජේ ගග අසබඩට ගියේ රෑය පහන් කරමින් විනෝද වීම සඳහාය.

 මස් කමින් විස්කි බ්‍රෑන්ඩි වයින් බොමින් අධික ශබ්දයෙන් ගී ගයමින් සිටි පිරිස ගිනිමෑල කිහිපයක්ද දල්වා ගත්තේ විදුලි බුබුලු වලට අමතරවය.   ඉතාලි පොලිසිය එම ස්ථානයට ලඟා වන අතර ශ්‍රි ලාංකිකයින්ගේ ගෝෂාකාරී හෑසිම්රී හා   ගිනිමෑල ගසා තිබීම  ඉතාලි පොලිසියේ විවෙචනයට ලක් වෙයි. සිහිය විකෘති වන තරමට මත්පෑන් පානය කල සිටි ශ්‍රි ලාංකිකයෝමේ අවස්තාවේදී පොලිසිය සමග බහින් බස් විමට පටන් ගත්හ. ‘අපි මේක නතර කරන්නේ නැහැ.  හෑමදාම මහන්සි වෙලා වෑඩකරන හින්දා අපි ආවේ පොඩි ෆන් එකක් ගන්න. උඹලට ඕන නම් අපිට වෙඩි තියපල්ලා. අවුරුදු තිහක යුද්ධයක් තිබුණු රටක අපි තුවක්කුවට බය නැහැ.‘ යනුවෙන් ඔවුන් ඉතාලි පොලිසියට පෑවසු බව එතෑන සිටි තවත් අයෙක් එසෑණට පැවසීය. පොලිසියේ අය හරිම කරුනාවන්තයි.

ඔවුන් දෑනගත්තා මේ අය හොදටම බීලා කියලා. ගිනිමැල නිමන්න කිව්වා. අවශය නම් ගඟ අයිනට වෙන්න ගිනිමැලයක් ගහගන්න කියලා කිව්වා වගේම අනිත් අයට කරදරයක් නොවෙන්න ශබ්දය අඩු කර හැසිරෙන්න කියලා ඔව්න් යන්න ගියා.