පස්වරු 6.54
(අකිල බද්දේවිතාන)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා මීට ටික වේලාවකට පෙර සයිටම්රැ විරෝධී රැලිය ඇමතීම ආරම්භ කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී පොදු දේපොළ වලට හානි කළැයි කියන සිද්ධියට සැකපිට ඔහු ද අත්අඩංගුවට ගැනීමට සොයනා බව පොලිසිය මුලින් කීවේය.
පස්වරු 6.37
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා රැලිය අමතයි.
පස්වරු 6.29
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දිනුක සපුතන්ත්‍රි රැලිය අමතයි.
පස්වරු 6.26
අලුත් පරපුර සංවිධානයේ සුදන්ත මාධව මහතා රැලිය අමතයි.
පස්වරු 6.04
අන්තරේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්ධුමගේ රැලිය අමතයි.
පස්වරු 5.57
මාධ්‍ය සේවක වෘත්තී සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි මහතා රැලිය අමතයි.
පස්වරු 5.49
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා සභාව අමතයි.
පස්වරු 5.43
ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා රැලිය ඇමැතීය.
පස්වරු 5.37
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා රැලිය අමතයි.
පස්වරු 5.27
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා රැලිය අමතයි.
පස්වරු 5.20
එක්සත් සමාජවාදී පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා මහතා රැලිය අමතයි.
පස්වරු 5.11
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සභාව අමතයි.
පස්වරු 5.03
ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා රැලිය අමතයි.
පස්වරු 4.48
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රැලිය අමතයි.
‘‘ජේආර් ජයවර්ධනට එදා සිද්ධ වුණා ජනතාවට සවන් දෙන්න. මේ සටන මොට කරන්න හිතන් ඉන්න උදවියට කියනවා වෛද්‍ය සභාවේ බලය උදුරා ගන්න දෙන්නේ නැති බව. සයිටම් විරෝධී අරගලයට අපේ සහාය දෙනවා.‘‘
පස්වරු 4.41
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සභාව ඇමැතීය.
පස්වරු 4.30
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය චන්දන ජයකොඩි මහතා සභාව අමතරයි.
පස්වරු 4.24
ලංකා වෙළඳ කාර්මික සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි මහතා සභාව අමතයි.
පස්වරු 4.17
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රැලිය අමතයි.
තව සතියකින් අවසන් සටන ආරම්භ කරන බව වෛද්‍යවරයා කියයි.
පස්වරු 4.08
ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ සයිටම් විරෝධී රැලිය අමතති.
පස්වරු 4.03
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රැලිය ඇමතීම ආරම්භ කළේය.
අධ්‍යාපනය විකිණීමට එරෙහි වන බවත්, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බවත් ඔහු කීවේය.
පස්වරු 4.00
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ රැලිය අමතති.
පස්වරු 3.55
සයිටම් විරෝධී රැලියට විශාල පිරිසක් සහභාගී වී ඇති නිසා නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ වාහන ගමණාගමනය නැවතී ඇත.
නුගේගොඩ නගරයේ දැඩි වාහන තදබදයක් පවතී.


(ඡායාරූප අඛිල බද්දේවිතාන)
පස්වරු 3.50
(අකිල බද්දේවිතාන)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කෙරෙන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාවේදී ආරම්භ විය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත, චාපා බණ්ඩාර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගී වීසිටිති.
හැඩිගල්ලේ විමලසාර හිමි, බද්දේගම සමිත හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා රැසක් ද සහභාගී වී සිටිති.




පස්වරු 3.40
සයිටම් විරෝධී පාගමන් තුනම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාවට පැමිණියේය. සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටිති. තව ස්වල්ප වේලාවකින් සයිටම් විරෝධී රැලිය ආරම්භ කෙරේ.
පස්වරු 3.25
නුගේගොඩට එකතු වූ පෙළපාළි තුන ආනන්ද සමරකෝක් එළිමහන් රංග ශාලාව වෙත ගමන් කරයි.

පස්වරු 3.20
පෙළපාළි තුනම නුගේගොඩ නගරයේදී එකට එකතු විය.
පස්වරු 3.09
කිරුළපොනින් සහ විජයාරාම මංසන්ධියෙන් ඇරැඹුණු පාගමන් දෙකම නුගේගොඩ නගරයට ළඟා වේ.

පස්වරු 3.05
නුගේගොඩ ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.

(අකිල බද්දේවිතාන)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුව බල කරමින් පාගමන් තුනක් අද දවග් ආරම්භ විය.
එක් පාගමනක් විජයරාරාම මංසන්ධියෙන් ද, තවත් පාගමනක් කිරුලපොණින් ද, තවත් පාගමනක් කළුබෝවිල මංසන්ධියෙන් ද ආරම්භ වූ අතර ඔවුහු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ පීඨය දක්වා ගමන් කරති.


(ඡායාරූප - අකිල බද්දේවිතාන)

