පොලිසිය හා පොර බැදූ මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට


(පියරත්න ජයවික්‍රම, ඩී.ජී .සුගතපාල, බිමල් ශ්‍යාමන් සහ ජේ.කේ.එල් චාමින්ද

නෙළුව මැදගම ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව නෙළුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එම නිවස වැටලු අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු  පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගැනීමට ගිය අවස්ථාවේ එය පත්තුවිමෙන් එක් අයකු සවස මියගොස් ඇතැයි නෙළුව පොලිසිය කියයි.

පාලු නිවසක පිරිසක් නිති විරෝධි මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව නෙළුව පොලිසියේ නිලධාරින් පිරිසක් එම නිවස වටලා ඇති අතර එහිදි දෙදෙනකු පලාගොස් ඇති අතර  දෙදෙනකු පොලිස් අත් අඩංගුවට පත්ව ඇත. ඔවුන් පොලිස් නිලධාරිඕ සමග පොර බැදිමේදි පොලිස් නිලධාරියකුගේ අත තිබු පිස්තෝලය ස්වයංක්‍රියව පත්තුවි එක් අයකු තුවාල ලබා ඇත. පසුව එම පුද්ගලයා වහාම නෙළුව රෝහල ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මොරවක කළුබෝවි.ටියන පදිංචි 29/ හැවිරිදි විවාහක මාලු ව්‍යපාරිකයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණයක් සිදු කරයි.