පොලිසිය ලක්ෂ හයක දුරකතන ඇමැතුම් පීරයි


අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන් දිරිමත් කිරීම සඳහා පොලිස් අරමුදලෙන් තෑග පිරිනැමීමේ ක්‍රමයක්  ප්‍රකාශයට පත් කරන්නැයි  නීතිඥ සංගමය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට යෝජනා කෙළේය. සහකාර පොලිස් අධිකාරි ධර්මදාස පතිරණ මහතා පැවැසුයේ ගල්කිස්ස අවට දුරකතන කුළුනුවලින් එදින ඇමැතුම් ලක්ෂ හයක් පමණ හුවමාරුවී ඇති බවයි.ඒ සියල්ල සෙවීමට කාලයක් ගත වන බව ද සිද්ධිය සුළුකොට නොසලකන බව ද ඔහු කීවේය. නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක් වූ රංජිත් දහනායක මහතා කියා සිටියේ මෙය තවත් සිද්ධියක්  සේ බී වාර්තාවකට පමණක් සීමා නොකළ යුතු බවයි. ලබන 31 වැනි දාට පැහැදිලි වාර්තාවක් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරිය පොලිසිය නියෝග කළාය.