අතුරුගිරියේ අරංගල සැණකෙළියක දී රිවිර මාධ්‍යවේදී චාමර අමරසූරියට පහර දුන් බව කියන පොලිසියේ දෙදෙනාට එරෙහිව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා පොලිස්පතිට නියෝග කළේය.
අමරසූරිය කියා ඇත්තේ පොලිසියේ පිරිසක් යතුරුපැදි හා පාපැදිකරුවන් කිහිප දෙනකුට පහර දීමේ සිද්ධියක් ගැන විමසීමට ගිය අවස්ථාවේ තමා පොලිසියට රැගෙන ගොස් පැය හතරක් තිස්සේ රඳවාගෙන සිටි බවයි.
අතුරුගිරි පොලිසිය අධිකරණයට දැන්වූයේ අමරසූරිය පොලිස් සාමාජිකයකුට බලහත්කාරකම් කර පහර දී ඇති බවයි.