අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් කළ නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට කියැවීය.
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ගෙන ඇත.
පොලිසිය ඉල්ලා සිටියේ මැති සබේ කටයුතුවලට බාධා නොකොට එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.
පොලිසිය සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කර ගත් රාවණා බලයේ හිමිනමක් පැවසුවේ ඕනෑ නම් තමාට පහර දෙන ලෙසයි.
එම පොලිස් නිලධාරියා ඒ හිමියන්ට කීවේ ‘නෑ පොලිසිය අපි පහර දෙන්නේ නෑ. ඕබවහන්සේලා නීති ගරුකව ක්‍රියා කරන්න යනුවෙනි.

