( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසි අධ්‍යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 28 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කැරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති එල්.ටී.බී .දෙහිදෙණිය සහ විනිසුරු එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූණි.
පසුකාලීනව තමන් රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් වූ අතර මෙම කෲර සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙසින් 2015 වසරේ පෙබරවාරි 02 වැනිදා රහස් පොලිසීය හමුවේ පැමිණිල්ලක් කළ බවද පෙත්සම්කරු කියා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සේනක පෙරේරා මහතාසහ නීතීඥ ඒ.එස්.රත්නවේල් යන මහත්වරුන් පෙනී සිටියහ.

