(තරිඳු ජයවර්ධන)
කිසිවකු පොලිසිය වද හිසා පමුණුවන බවට චෝදනාවක් ඉදිරිපත් කළහොත් පොලිස්පතිවරයාගේ හැසිරීම නිසා එම චෝදනාව සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
උදෑසන භාවන නොකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකාරුගේ කොළරයෙන් ඇද බැණ වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එලෙස කීවේය.
‘ශ්‍රී ලංකා පොලිසිය සැකකරුවන්ට වද හිංසා පමුණුවට බවට පසුගිය වකවානුවේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයෙන් චෝදනා එල්ල කළා. පොලිසියේ ප්‍රධානියාම මේ ආකාරයට ඇසිරෙද්දි අනිත් පහළ නිලධාරීන්ටත් ඒවා කරන්න දිරිමත් කිරීමක් වගේ නේද? මානව හිමිකම් කවුන්සිලයෙන් කරන චෝදනා සත්‍ය බව පිළිගන්න වෙනවා නේද? ‘ යැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.
‘ඔව්. ඒක වැදගත් කාරණයක්. එතන දෙයක් තියෙනවා. පොලිස් ප්‍රධානියා මෙහෙම කරනවා පම් එම චෝදනාව ගැන විශාල ගැටළුවක් තිබෙනව බවට එයාලට මේක අර්ථනිරූපනය කරන්න පුළුවන්.‘ යැයි රාජිත සේනාරත්න මහතා කීවේය.
උදෑසන ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව යම් මානසික ඒකාග්‍රතාවක් ඇති කිර ගැනීමට ක්‍රියාකාරකමක් කරන ලෙස පොලිස්පතිවරයා චක්‍රලේඛයකින් දන්වා ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට ඇතැම් අවස්ථාවල පොලිස්පති පොලිස් මූලස්ථානයේ සංචාරය කරන බව ද, මෙම සිදුවීම වු දා විදුලි සෝපාන ක්‍රියාකරු එලෙස කටයුතු කර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ප්‍රශ්නය - ආගම් අදහන්නේ නැති පිරිසුත් ඉන්නවා. ආගමික කාරණා සම්බන්ධයෙන් මෙහෙම චක්‍රලේඛ නිකුත් කරන එක හරිද?
ඇමැති දයාසිරි ජයසේකර - ඒකේ ප්‍රශ්නෙකුත් තියෙනවා තමයි. මම නම් කියන්නේ පොලිසිය භාවනා කරන්නේ නෙමෙයි පීටී කරන්න කියලයි. මොකද හොරෙකුගේ පස්සෙන් එළවන්න ශක්තිය ඕනෑ.
ඇමැති රාජිත සේනාරත්න - මං මේ අහං ඉන්දි මට බය හිතුනේ පිටකොටුවේ බෝම්බයක් හරි තියෙනවා කියලා කවුරුහරි කියද්දි භාවනා කරනවයි කිව්වොත් ඇතිවෙන තත්ත්වෙ. අපේ ආරක්ෂාවට ඇතිවෙන තත්ත්වය. පොලිසියට තත්ත්පර 15ත් වටිනවා.

