පොලිස්පති ගැන බලය ඇත්තේ කොමිසමට - ඒ ටී ආරියරත්න


(බිඟුන් මේනක ගමගේ)
 
පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට  යැයි  ව්‍යවස්ථා සභා සාමාජික ඒ ටී ආරියරත්න මහතා කියයි.
 
ව්‍යවස්ථා සභාවේ කාර්ය වන්නේ පත්කිරීම් නිර්දේශ කිරීම පමණක් යැයි ද ආරියරත්න මහතා අවධාරණය කළේය.
 
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට නිර්දේශ කරනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාව විසිනි.
 
කෙසේ වෙතත් පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා කීවේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට පොලිස් කොමිෂන් සභාවට බලයක් නැති බවයි.