පොලිස් සංදේශය


දුම්මලසූරිය

  • දුම්මලසූරියේ ටයර් අළෙවි හළකින් සොරාගත් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ටයර් අළෙවි කරමින් සිටි අයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ

  • යටියන පැරණි මාර්ග බාධකය අසළ දී කන්ටේනරයක ගෙන යමින් සිටි කසළ තේ කිලෝ 18,000 ක් අත්අඩංගුවට ගනු ලැබිය.

කහවත්ත

  • පැල්මඩුල්ල රිල්හේනවත්තේ වයස අවුරුදු දෙකහමාරක දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටී මියගියාය.

මැදවච්චිය

  • කනදරාවැව කිඩාර්කුලම් මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් පෙලීමෙන් එහි පිටුපස ගමන්කළ 65 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය.