පොලිස් සංදේශය


පාදුක්ක

  • දුම්රිය පොළ පාරේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 15 ක් හා මිලි ග්‍රැම් 390 ක් ලඟ තබාගෙන සිටි කාන්තාවක් හා ත්‍රී රෝද රථ රියදුරෙක් අත්අඩංගුවට ගනු ලැබූහ

කැකිරාව

  • මඩාටුගම හන්දියේදී ත්‍රී රෝද රියකින් ගෙනයමින් තිබූ ගංජා කිලෝ පහ මාරක් අඩංගු පැකට් හයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

වත්තල

  • ඇලකන්ද හේකිත්ත මාර්ගයේදී ලොරියක් අනතුරට ලක්වී එක් අයකු මියගොස් පස් දෙනෙක් තුවාල ලදහ.

ගිරාඳුරුකෝට්ටේ

  • රුපියල් 60,000 ක් වටිනා කෙසෙල් කැන් 50 ක් හොරෙන් කපා ප්‍රවාහනය කරමින් සිටි ලොරි රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

වෙන්නප්පුව

  • වයික්කාලේ නිවෙස් දෙකක් අතර ඇතිවූ ආරවුලකදී පොලු පහරක් වැදී 46 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.