හිඟුරක්ගොඩ
- කොළඹ සිට මඩකලපුවට ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී හිඟුරක්ගොඩ ගල් පාලම අසළදී වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙක් මියගියේය.
කල්මුණ
- ත්‍රී රෝද රියකින් ගංජා කිලෝ හතරක් ගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
ගම්පොල
- දුරකථන කුළුණු දෙකකින් මීටර 110 ක් දිග කේබල් සොරාගත් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අක්මීමණ
- බටදූවේදී හෙරොයින් කුඩු ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 260 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ගලේවෙල
- මකුල්ගස්වැව දී යතුරු පැදි දෙකක් ගැටීමෙන් 22 හැවිරිදි තරුණයෙක් මියගියේය.

