පොලිස් සංදේශය


මස්කෙළිය - විශේෂ කාර්ය බලකාය

  • මැදවත්තේ අනවසර මැණික් පතලක් වටලා උපකරණ සමග හත් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මන්නාරම

  • යතුරු පැදියකින් ගංජා කිලෝ පහක් ගෙනයමින් සිටි තරුණයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

හංවැල්ල

  • වනහගොඩ හන්දියේ වෙල්යායක තිබී නාදුනන පුද්ගලයකුගේ මල සිරුරක් සොයාගෙන ඇත. මියගිය තැනැත්තා වයස අවුරුද 55 ක පමණ අයෙකි.

සීගිරිය

  • නායන්වල ගැමියෙක් රාත්‍රී සිය හේනට යමින් සිටියදී අලියකුගේ පහරදීමකින් තුවාල ලබා දඹුල්ල රෝහලේදී මියගියේය.

පුදුකුඩිරිප්පු

  • ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.