මුන්දලම
- ඉලවාලි මාදගල් හිදී ගංජා කිලෝ 39 ක් සමග සැකපිට අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගනු ලැබූහ
කිරිබත්ගොඩ
- දළුගම පිහිටි පිත්තල භාණ්ඩ අලෙවි සැළකට ඇතුලුවී හුලං කොකු 1200 ක් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
කුච්චවේලි
- ඩයිනමයිට් දමා මසුන් මැරිමට යමින් සිටි ධීවරයෝ දෙදෙනෙක් බෝට්ටුවක් ද සමග වොඩ්වකට්ටු වෙරළේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
කල්පිටිය
- පය ලිස්සා යාමෙන් බහුදින යාත්‍රාවකින් කලපුවට වැටුණු දීවරයෙක් අතුරුදන් වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. 46 හැවිරිදි ඔහු මිගමුවේ පදිංචි අයෙකි.