පොලිස් සංදේශය


බුත්තල - විශේෂකාර්ය බලකාය

  • මොණරාගල දරගොඩයායේ තේක්ක වනයට ඇතුළු වි දැව කපමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූහ.

ගලේවෙල

  • ගම්මිරිස් කැඩීමට ගසකට නැගුණු පුද්ගලයකු වැටී මියගියේය.

ගල්කිස්ස

  • කාරයක් සහ ත්‍රී රෝද රථ භාවිතා කරමින් පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරයකට සම්බන්ධ කාන්තාවන් ඇතුළු අට දෙනෙක් අත්ඩංගුවට ගනු ලැබූහ.

මාලිගාවත්ත

  • හෙරොයින් කුඩු විකුණමින් සිටි පුද්ගලයන් තිදෙනකු කුඩු ග්‍රෑම් 50 ක් හා මිලි ග්‍රෑම් 710 ක් සහ රුපියල් දෙලක්ෂයක මුදල් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

මැදිරිගිරිය

  • පුරාවස්තු සෙවීමේ අරමුණෙන් නිවසක ඇතුලත හාරමින් සිටි සැකකරුවන් සිව්දෙනකු පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අගුණුකොලපැලැස්ස

  • අගුණුකොලපැලැස්ස ගමරාලගම මාර්ගයේ යතුරුපැදි දෙකක් ගැටීමෙන් 31 හැවිරිදි තරුණයෙක් මියගියේය.