ත්‍රස්ත විමර්ශන පොලිසියේ පරීක්ෂකයකු ලෙස පෙනී සිටිමින් කෝට්ටේ දෙමළ වෛද්‍යවරයකුගේ පුතකුගෙන් රුපියල් 70,000ක කප්පමක් ගත් බව කියන බලපිටිය පොලිසියේ හිටපු උප සේවා පොලිස් පරීක්ෂකවරයෙක් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දුරකතන නාමාවලිය බලා දෙමළ මිනිසුනට කතා කර ඔවුන් කොටි සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි චෝදනා කර කිහිප දෙනකුගෙන් ඔහු කප්පම් කා ඇතැයි පොලිසිය කියයි.
වාහනයකින් ගමන් කරද්දී පානදුර පාලම උඩදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

