පොලිස් වීරයන් දෙන්නාට උපහාර


මඩකළපු කල්අඩි පාළමෙන්  කළපුවට වැටුණු  දෙමළ කතක බේරා ගත්  මඩකළපු පොලීසියේ සිංහල පොලීස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වීර ක්‍රියාව අගය කරමින් මඩකළපුවේ දෙමළ ජනතාව ඔවුනට උපහාර  උළෙලක් පැවැත්විය.

මඩකළපු වෙළෙද සංගමය,දිස්ත්‍රික් වෙළෙද කර්මාන්ත සංගමය හා සිවිල් සංවිධාන මෙය සංවිධානය කළේය.

පසුගිය 15 වැනිදා දියට පැන මේ කාන්තාව බේරාගත් කොස්තාපල්වරුන් වනුයේ  ඒ පී ජයසිංහ හා කේ එම් එස් බංඩාරයි.