පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මාරුවක් ?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පොලිස් කොට්ඨාශයක් බාරව යාමට නියමිත බව පොලිස් ආරංචි කියයි. හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයට ගිය හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා දෙසතියකට පෙර දිවයිනට පැමිණ සිටී. පොලිස් මූලස්ථානයෙන් ඔහුට තවම ස්ථිර රාජකාරියක් පවරා නැත.

