පොලිස් පරීක්ෂකට පහර දුන්නැයි හයක් රිමාන්ඩ්


( සිතුම් චතුරංග )

නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී බරපතල තුවාල කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කොල්ල කල්ලියක බව කියන සාමාජිකයින් හයදෙනකු ලබන 24 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ. ආනන්ද රාජා මහතා අද (16) නියෝග කළේය.
 
ඉකුත් ජුනි 28 වැනිදා කිලිනොච්චිය කල්අරු ප‍්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක් පිළිබඳ ලැබුණ තොරතුරක් මත කිලිනොච්චිය දිසා දූෂණ මර්දන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්. පිරදීපන් මහතා ඇතුළු කණ්ඩායමක් අදාල ස්ථානය වෙත ගමන්කරමින් සිටියදී සැඟවී සිටි මත්පැන් ජාවාරම්කරුවන් පහරදී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ධර්මපුරම් පොලිස් ස්ථානය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණ.

පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ හිස , අත් සහ පාදවලට තුවාල සිදුවී තිබූ අතර එම නිලධාරියා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ගත්තේය.