පොලිස් ජීප් රියේ යතුරුපැදිය ගැටී පැදිකරු රෝහලේ


(රංජිත් රාජපක්ෂ)                       

ධාවනය වෙමින් තිබු යතුරුපැදියකට පොලිස් ජිප් රථයක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව පොලිසිය සහ මහජනතාව අතර අද (07)  පස්වරුවේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.

 අද පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයේදිය.

නුවරඑළිය දෙසට ධාවනය වෙමින් තිබු යතුරුපැදියට අපරික්ෂාකාරි ලෙස එම මාර්ගයට පොලිස් ජිප් රථය ඇතුළත් කිරිමත් සමග පොලිස් ජිප් රථය යතුරුපැදියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර සිදු වු ස්ථානයට එක්රැස් වු පිරිසක් පොලිස් ජිප් රථය ධාවනය කළ පොලිස් නිලධාරින් බිමත්ව සිටි බවටත්, පොලිස් ජිප් රථය තුල මත්පැන් බෝතල් තිබු බවටත් චෝදනා කරමින් පොලිස් ජිප් රථය තුළ තිබු මත්පැන් බෝතල් කිහිපයක් ඉවතට ගැනිමට යාමේදි දෙපාර්ශවය අතර මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති විය.

අනතුර පොලිසිය විසින් වාර්තා නොකර අනතුරෙන් දැඩි අලාභ හානි සිදු වි තිබු යතුරුපැදිය පොලිස් ජිප් රථයේ නංවා රැගෙන යාමට උත්සහ කිරිමේදි පොලිසිය සහ මහජනතාව අතර දැඩි නොසන්සුන්කාරි තත්ත්වය ඇතිවිය.

මහජනතාවගේ දැඩි විරෝධය හමුවේ සිදු වු රිය අනතුර වාර්තා කිරිමට නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරිහු පියවර ගත්හ.