(රංජන් කස්තුරි)
පොලිතීන් ආනයනය,විකිණීම හා භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දේශපාලන,ආගමික සහ සංස්කෘතික උත්සවවලදී පොලිතින් භාවිතය තහනම් වන අතර මයික්‍රෝන 20ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
පිසූ ආහාර එතීමට,භාණ්ඩ ඇසුරුම් කිරීමට පොලිතින් මලු භාවිතය තහනම් වේ.

