පොලිතින් තහනම ආපසු හරවන්න එපා - ආනන්ද සාගර හිමි


සුරේෂ් කේ පෙරේරා
 
පොලිතින් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය වලක්වාලීම සඳහා පොලිතින් නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බව පරිසරවේදී පාහිංගල ආනන්ද සාගර හිමියෝ කියති. පොලිතින් භාවිතය නැවැත්වීමේ තීරණය ආපසු හැරවීමට පියවර ගන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බව ද ඒ හිමියෝ පවසූහ.
 
ආනන්ද සාගර හිමියන් ඒ බව පැවසුවේ කොළඹ පුස්තකාල ප්‍රලේඛණ මණ්ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

(ඡායාරූපය සහ වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)