පොල්කඩන්නා ඝාතන සුලමුල කියයි


කහවත්ත කොටකෙතන  අවසන් ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පොල් කඩන්නා පැල්මඩුල්ල අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඉදිරියේ දෙපැයක පාපොච්ඡාරණයක් කෙළේය. රක්වාන සංචාරක උසාවියේ නිලකාමරයේ දී එම පාපොච්ඡාරණය කෙළේ ආචාරිගේ සිරිපාලයි. පසුගිය ජූනි 19 වැනි දා මහා රෑ යූ.ජී. ප්‍රේමවතී (65) හා එන්ජී.පුෂ්පා කුමාරි (33) මවත් දියණියත් ඝාතනය ලක්වූහ. ඔහු එම නිවෙසේ පොල් කැඩූ පුද්ගලයා විය. සිරිපාල වැලිකඩ බන්ධනාගාරයේ තබන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.