පොම්පකරුට නින්ද යයි


ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක‍්‍රියාකරුට නින්ද ගොස් සිටියදී රුපියල් 10600 ක ඉන්ධන ගසාගෙන ගිය බව කියන කල්මුණේ ලොරි රියැදුරකු සොයා ගැනීමට ගලේවෙල හා කල්මුණේ පොලිසි පරීක්ෂණ පවත්වති. රියැදුරා මුලින් හොරෙන් තෙල් ගසාගෙන පසුව පොම්පකරු අවදිකරවා රුපියල් තුන්දහසක තෙල් ලබාගෙන වේගයෙන් රිය පදවාගෙන යෑම ගැන ඇතිවූ සැකය අනුව මීටරය බලා පොලිසියට දැනුම්දී ඇත. තෙල් හලේ කැමරාවලද මේ හොරකම වාර්තාවී ඇත.