කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දොරටු විවෘත කරන්නටත් පෙර සිටම පොත් ගැනීමට එන අයගේ පෝළිම් දක්නට ඇත.
පොත් ප්‍රදර්ශනය ලබන 22 දා අවසන් වේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා මණ්‌ඩලයේ සහයෝගයෙන් මේ ප්‍රදර්ශනය 15 වරටත් සංවිධානය කරයි.
අලුත් පොත් නිකුත්වීම මෙන්ම අඩු මුදලකට පොත් ගන්නට ලැබීම නිසා බොහෝ පාඨකයෝ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය සඳහා පැමිණෙති. පාසල් සිසූහු ද බොහෝ පිරිසක් ඒ අතර වෙති.
සාහිත්‍ය දේශන, වැඩමුළු, විවිධ ප්‍රසංග, පොත් එළිදැක්වීම්,ආදී ක්‍රියාකාරකම් රැසක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පැවැත්වේ.