පේ‍්‍රමචන්ද්‍ර ඝාතනය නඩුව යළි කල් යයි.


භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු මන්ත‍්‍රී ඇතුළු සිවුදෙනකු ඝාතන නඩුවේ ඉදිරි පියවර ගැන නීතිපති සමග දෙදිනක් සාකච්ඡා  කළ බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා හමුවේ කියා සිටියේය. මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ නීතිඥ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවැසුවේ පේ‍්‍රමචන්ද්‍ර මහතාගෙන් රැකවලකු වූ ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් කොස්තාපල් ආර්. ගාමිණී, දුමින්ද සිල්වාට වෙඩි තැබූ බවය. ගාමිණිගේ නීතිඥ ජගත් අබේනායක මහතා ඊට විරෝධය පළ කළේය. සාක්කි නැතිව එවැනි චෝදනා නගන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කෙළේය. සැකකරුවන් යළි රිමාන්ඞ් කළ මහේස්ත‍්‍රාත් නඩුව නොවැම්බර් හය වැනිදාට කල්තැබීය.