පේරාදෙණිය සරසවි සිසුහු පාරට බසිති


(මොහොමඩ් ආසික්)
විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබා දෙනු ලබන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10,000 දක්වා වැඩි කරන ලෙසත් දැනට මාස කිහිපයක් තිස්සේ  නැවතී ඇති ශිෂ්‍යාධාර වහාම ගෙවන ලෙසත් ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) පේරාදෙණිය ගලහ හන්දියේදී පැවැත්විණ.
 
මෙම විරෝධතාවයට විශ්ව විද්‍යාලීය   භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විශාල සිසුන් පිරිසක්ද එක්ව සිටි අතර මෙහිදී සිසුහූ ප්‍රකාශ කළේ, මහපොළ ශිෂ්‍යාධාර ඇතුළු සිසුන්ට හිමි ශිෂ්‍යාධාර මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති බැවින් එම ශිෂ්‍යාධාර ඉතා ඉක්මනින් ගෙවන  ලෙසයි.  මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් දසදහස (10,000)දක්ව ඉහළ නංවන ලෙසත්ඔවුහු ඉල්ලා සිටියහ.