පේරාදෙණි තුනකට අත්හිටවූ සිර දඬුවම්


2011 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍රපීඨයට ඇතුළත් වූ සිසුවකුට පහර දී අපයෝජනයට ලක් කර නවක වදය දීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයයේ සිසුන් තිදෙනකුට මහනුවර මහාධිකරණයේදී අත්හිටවූ සිර දඬුවම් නියම විය.

ඔවුනට මාස හයක බරපතල වැඩ ඇතිව සිර දඬුවම බැගින් නියම කර එය අවුරුදු පහකට අත්හිටැවිණි.

ඊට අමතරව නවක වදයට ලක් වූ සිසුවාට රුපියල් තුල් ලක්ෂ තිස් පන් දහස බැගින් වන්දි ගෙවන ලෙස නියම කරමින් එම මුදල නොගෙවන්නේ නම් දෙවසරක සිර දඩුවම් නියම කරන බව ද විනිසුරු ප්‍රකාශ කළේය.