පේදුරුතුඩුව පොලිසියේ දෙන්නා බලය ඉක්මවලා - මාධ්‍ය ප්‍රකාශක


ඉන්දිකා රාමනායක

පේදුරුතුඩුවේදී පොලිසිය බලය පමණට වඩා යොදවා ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකගේ සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව ද පොලිස් අධිකාරීවරයා කීවේය. පොලිසිය විසින් වෙඩි තබනු ලැබූ වැලි ලොරියේ රියදුරු ආගිය අතක් නැති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිද්ධියෙන් මිය ගියේ ලොරියේ සහයක බව ද සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.